තුරු මවක් කුඩා ලමයෙකුට ආදරය කලාය. ඒ ලමයා ඇගේ තුරු පත් එක්කර කිරුලක් සදා හිසේ පලඳා රජකු මෙන් සෙල්ලම් කලේය. ඇගේ කඳ දිගේ රූටා ගොස් අතු අග ඔන්චිලි පැදීමට පුරුදු වී සිටියේය.
ඒ මදිවාට තුරු මුදුනේ හටගත් ගෙඩිද කෑවේය. ඇය ලමයා සමග සෙල්ලම් කලාය..සෙල්ලම් කර මහන්සි වූවිට ඇගේ හෙවනේ නිදාගැනීමටත් ඇය ඔහුට ඉඩ දුන්නාය.
කුඩා දරුවා තුරු මවට බෙහෙවින් ආදරය කලේය.තුරද බෙහෙවින් තෘප්තියට පත් වූවාය. කාලය ගතවිනි.කුඩා ලමයා ලොකු මිනිසෙක් විය.ඔහු ඇයගෙන් වෙන්වී නව අත්දැකීම් සොයා ගියේය.
තුරු මව තනි වූවා ය.
"එන්න දරුවෝ, එන්න!මගේ අතුවල එල්ලිලා ඔන්චිලි පදින්න. මගේ ඇපල් කන්න.මගේ හෙවනේ සතුටෙන් සෙල්ලම් කරන්න." ඈ ලමයාට ඇවිටිලි කලාය.
"මම දැන් ඔන්චිලි පදින්න ලොකු වැඩියි." කුඩා දරුවා කීය."මට ඕනෙ විනෝද වෙන්න. ඒකට මට සල්ලි ඕනෙ."
"මට බොහොම කනගාටුයි. නමුත් මට කොයින්ද සල්ලි? මට තියෙන්නෙ කොලයි ගෙඩියි විතරනෙ"
"ඕනෙ නම් මගෙ ගෙඩි විකුණල සල්ලි අරගන්න."
ලමයා දෙවරක් නොසිතා හනිකට ගසට නැග ගෙඩි කඩාගෙන, ඒවා විකිනීම පිනිස ටවුමට ගියේය.
ඔහුගේ සතුට දැක ගසද සතුටට පත් වූවාය.
ඉන්පසු බොහෝ කාලයක් ලමයා දක්නට ලැබුනේ නැත. දිනක් හදිසියේම වාගේ දරුවා නැවත පැමිනියේය. ගස ප්‍රීතියෙන් වෙව්ලා ගියාය.
"දරුවෝ! එන්න! එන්න! මගෙ අතුවල පැද්දිලා ඉස්සර වගේ විනෝද වෙන්න."
ගස ආයාචනා කලාය.
නමුත් දරුවාගේ පිලිතුර අනපේක්ෂිත එකක් විය.
"මට දැන් ඕව කරකර ඉන්න කාලයක් නැ. මට දැන් හොඳ සැප පහසු ගෙයක් ඕන. ගෙයක් නැතිව මං කොහොමද දරු පවුලක් හදා ගන්නෙ?"
"පුලුවන්ද මට ගෙයක් හදල දෙන්න" ?
ගස නිරුත්තර විය.
"පුතා දන්නවනෙ, කැලේ තමා මගෙ නිවහන. පුතාට ඕනෙ නම් මගෙ අතු කපල ගෙයක් හදා ගන්න".
"පුතාට සතුටුයි නේද දැන්"?
"පුතාට සතුටුයි නේද දැන්"?
කුඩා දරුවා අතු කපාගෙන, ගෙයක් සාදා ගැනීම පිනිස රැගෙන ගියේය.
ඔහු ගැන සිතමින් තුරු මව සතුටට පත්වූවාය.
නැවතත් ඔහු එනතුරු කාලයක් බලා සිටීමට සිදුවුනත්, ඔහුගේ ආගමනය ඇයට කියා නිම කල නොහැකි තරමේ සන්තුෂ්ටියක් ඇති කලේය.
නැවතත් ඔහු එනතුරු කාලයක් බලා සිටීමට සිදුවුනත්, ඔහුගේ ආගමනය ඇයට කියා නිම කල නොහැකි තරමේ සන්තුෂ්ටියක් ඇති කලේය.
ඇය නැවතත් සුපුරුදු හුරතල් වදන් තොල මැතුරුවාය.
"මගෙ දරුවෝ එන්න. ඇවිත් සෙල්ලම් කරන්න".
"මගෙ දරුවෝ එන්න. ඇවිත් සෙල්ලම් කරන්න".
"මම දැන් සෙල්ලම් කරන වයසක නෙමේනෙ ඉන්නෙ. ඇරත් සෙල්ලම් කරන්න තරම් මට සතුටකුත් නෑ හිතේ".
"ගෙදර ඉඳලම මට දැන් ඇති වෙලා. මට රට තොට බලාගන්න ලෝකෙ වටේ යන්න හිතයි". ලමයා නොසතුටෙන් මිමිනීය.
ගස මෙසේ කතාව ඇරඹුවාය.
"ඔයාට දෙන්න දෙයක් නැති වීම ගැන මට දුකයි.දැන් මගෙ ඇපලුත් නෑ".
"එහෙම නම්" තම ඇඟ කෙලින් කර ගන්නා ගමන් ගස පිලිතුරු දුන්නාය. "පරන ගස් කොටයක් තමා ඒකට හරියන්නෙම."
"පුලුවන් නම් මට බෝට්‍ටුවක් හොයල දෙන්න." ලමයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කලේය..
"මගෙ කඳ කපන් ගිහින් බෝට්‍ටුවක් හදා ගන්න".
තුරු මාතාවගෙන් අදහසක් ඉදිරිපත් විය. දරුවා ඇගේ කඳ කපා බෝට්‍ටුවක් සාදාගෙන ලෝකය වටේ සවාරියක් ගියේය.
සියුම් දුකක් දැනුනත්, ගස සිරිත් ලෙස සතුටට පත් වූවාය.
සැහෙන නිහඬතාවයකින් පසු නැවත දරුවා පැමිනියේය.
ගස මෙසේ කතාව ඇරඹුවාය.
"ඇපල් කන්න මගෙ දත් හයිය නෑ". දරුවා පිලිතුරු දුන්නේය.
"ඔයාට ඔන්චිලි පදින්න මගෙ අතුත් නෑ". ඇගේ ස්වරය ශෝකී විය.
"ඔන්චිලි පදින්න මම පොඩි ලමයෙක් නෙවෙයිනෙ". ලමයා ගනනකට නොගෙන පැවසීය.
"මගෙ ඇඟ දිගේ රූටන්න දැන් ඔයාට බැනෙ.මගෙ කඳ නැති නිසා".
"මට දැන් ඒවා කරන්නත් හරි මහන්සියි". ලමයාගේ ස්වරයේ පරාජිත බවක් ගැබ්වී තිබින.
තුර සුසුමක් හෙලා මෙසේ කීවාය.
"මට හරි දුකයි දරුවෝ.ඔයාට දෙන්න දෙයක් තවත් මං ලඟ ඉතුරුවෙලා නෑ.
"මම දැන් නිකම්ම නිකන් ලී කොටයක් විතරයි. මට බොහොම කනගාටුයි".
"මටත් දැන් වැඩි යමක් ඕනෙ නෑ". "සද්ද බද්ද නැති තැනක වාඩි වෙලා ගිමන් හරින්න තිබුනොත් හොඳටෝම ඇති". දරුවාද අපහසුවෙන් කෙඳිරීය.
"එහෙම නම්" තම ඇඟ කෙලින් කර ගන්නා ගමන් ගස පිලිතුරු දුන්නාය. "පරන ගස් කොටයක් තමා ඒකට හරියන්නෙම."
"එන්න දරුවෝ, එන්න. ඇවිත් ඉඳගෙන මහන්සි නිවා ගන්න".
දරුවා ගස ලඟින් වාඩි වී ගිමන් හැරියේය.
නෙතේ කඳුලක් රඳවාගෙන, ගසද සැනසුම් සුසුමක් හෙලුවාය.
නෙතේ කඳුලක් රඳවාගෙන, ගසද සැනසුම් සුසුමක් හෙලුවාය.
ඔය ඇපල් ගහක් හන්දයි ගේ හදන්න ගහ කුට්ටි නොකලේ. ඕක ලංකාවෙ තිබිච්ච කොස් ගහක් වුනා නම් බෝට්‍ටු හදන්න කඳ ඉතුරු වෙන්නෙවත් ඔය මනුස්සයා වයසට යනකල් කොටේ තියෙන්නෙවත් නෑ.
ReplyDelete:D
ඒක නම් ඇත්ත තමා. හැමදාම පලවෙනියා නේද?
Deleteමේක දාලා තියෙන්නෙ වැරදි බ්ලොග් එකේ නෙවෙයිද? මේක දොළපාරට යන්න ඕනෙ එකක් නේද?
Deleteඑහෙම තමා මුලින් හිතුවෙ. නමුත් මේකට දන්න හිටපු පෝස්ට් එකට චිත්‍රයක් ඇඳල දෙන්නම් කිව කෙනා තාම දුන්නෙ නෑ එයාට වැඩවැඩි නිසා.කමෙන්ට්ස් කීපයක් ලැබුනා පෝස්ට් පරක්කුයි කියලා. ඒකයි මේක දැම්මෙ.
Deleteමට හිතෙන්නෙ මේකතාව http://www.youtube.com/watch?feature=player_embedded&v=AD8LiNQi_vs
ReplyDeleteමේ කතාව හැම භාෂාවකින්ම වගේ පරිවර්තනය වුනු හරිම ජනප්‍රිය පොයම් එකක්. මටත් මේ කවිය කියෙව්වම මගෙ බ්ලොග් එකේ දාන්න ලොකු ආශාවක් ආව. මමත් දැක්ක පින්තුරු හොයද්දි මේක යු ටිඋබ් එකේ තියෙනව.
Deleteඔන්න, ඔබේ අදහස ක්‍රියාත්මක කරල බැලුව.
කලිනුත් මේ කතාව කියවලා තියෙනවා. ආයෙම කියෙව්වා. :)
ReplyDeleteඉන්ගිරිසි පොතද කියෙව්වෙ? මම ට්‍රාන්ස්ලේට් කෙරුවෙ කෙලින්ම ඉන්ග්ලිෂ් පොයම් එකෙන්. හැම තැනම බ්ලොග්වල තියෙනව දැක හියෙනව. ඒත් මටත් මේක නොදන්න අය එක්ක බෙදා ගන්න ඕන වුනා.
Deleteඅප්පට සිරි.... මෙන්න අද මැඩම් සිංහලෙන් ලියලා. හැබැයි කතාවනම් බොහොම සංවේදීව ලියල තියෙනවා මීට කලින් මේ කතාවේ ඉංග්‍රීසි වර්ෂන් එක අහල තිබුනට සිංහල එක වඩාත් සංවේදියි කියලයි මට හිතෙන්නේ. ඉඩ පාඩු තියෙන වෙලාවට මේ වගේ ලිපි ලියන්න කියල මම මැඩම්ට ආරාධනා කරනවා. මොකද ලිපි අතර කාල පරාසය බොහොම වැඩියි.
ReplyDeleteහරිම සංවේදියි සටහන. හරියට අපේ ජිවිත වාගෙ. ගිමන් නිවන්න කාලයක් එනව අපටත්. ඒත් අපිට උදව් කරපු අය අමතක කරන එක හොඳ දෙයක් නෙවෙයි නේද? අපිට ගහ කොල දෙන සතුට සැනසුම නම් කියල නිම කරන්න බැහැ. බොහොම ස්තූතියි! සටහනට.
ReplyDelete
ReplyDeleteකොරලෙ මහත්තයා - කනගාටුයි ලිපියක් දාන්න පරක්කු වුනාට.දාන්න හිතාගෙන හිටපු පෝස්ට් එක චිත්‍රයක් අන්ඳෝගන්න තාම බැරි වුනා.සිංහල එකක් දාන්න හේතුව ඒකයි. මගේ අලුත් සින්හල බ්ලොග් එකේ ලින්ක් එකක් දැම්මා ඔයාගෙ පෝස්ට් එකක. දැක්කෙ නැද්ද?
http://gimannivannie.blogspot.com/
Chandi-
ස්තූතියි කමෙන්ට් එකට. මේ කවිය ගහ කොල අපට දෙන දේ ගැනත් කියනවා. දෙමාපියො දරුවන්ට සලකන හැටි ගැනත් කතා වෙනවා. තේරුම් ගොඩක් ගන්න පුලුවන් නේද?
අම්මලත් ගහක් වගේ තමා...
ReplyDeleteඔව් නේද? දරුවන්ට සලකන්නෙ ප්‍රතිලාභයක් බලාගෙන නෙමේ. දරුවො මොනව කලත් ආදරේ අඩු වෙන්නෙත් නැනෙ.
ReplyDeleteඔබටත් එසේම වේවා.
ReplyDeleteසියල්ලම කැප කොට...
ReplyDeleteමේක මං කියවල තිබුනේ නෑ. මං කියවගෙන එද්දී හිතුවේ ගේ හදන්න ඕන කියන තැනදී ගහ කපයි කියල.
ස්තුතියි මේක බෙදා ගත්තට.
සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
ඔබටත් එසේම වේවා.
ReplyDeleteහරිම ආසවෙන් කියෙව්වේ හරිම අපුරුයි ජයෙන් ජය...
ReplyDeleteබොහොම ස්තූතියි. සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට.නැවත එන්න.
Deletegiving tree මා ඉතාමත් ප්‍රිය කරනු ලැබූ කතාවක්. ඔබ ඒක කියවීමට ප්‍රිය උපදවන චම්ත්කාරජනක ඉරියව්වකින් ලියා තිබෙනවා.
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා,
ඔබටත් බොහොම ස්තූතියි. සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට. කියන්න බැරි තරම් ලස්සනයි නේද පොයම් එක.
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා!ඔබත් පවුලේ සැමටත්
ReplyDeleteඔබටත් එසේම වේවා.මොකද නම වෙනස් කරලා.
Deleteමනුස්ස වර්ගයා කිසි දවසක සෑහීමකට පත් වෙන්නේ නෑ. ගස ඒ අතින් තමන් සතු සියල්ල දෙනවා... හරිම අර්ථවත් කතාවක් ස්තූතියි
ReplyDeleteබ්ලොග් එකට ආදරෙන් පිලිගන්නවා. මිනිස්සු හරි ආත්මාර්තකාමියි. ගස් ඒකෙ අනිත් පැත්ත නේ.
ReplyDeleteSaw its English version in an email forwarding some time back. Truly an eye opener for all, not just about trees but also about everything else that we usually take for granted, and do not realize their value until the end.
ReplyDeleteYou've nicely translated it Lotus. :)
Thank u very much for your comment. I read the original poem in The Net and I was fascinated by the story and also I had an idea to translate beautiful stories I have read so far. I have already translated one short story so far and do you believe! it took me nearly one year to complete it but, I was unable to post it in my blog, yet.So before I get discouraged, I translated and posted this poem quickly in my blog.
ReplyDeleteමං මේකෙ වීඩියෝ එක you tube එකේ දැක්ක.. ලස්සනට පරිවර්තනය කරල තියෙනවා.. සොබාදහම අපිට කරන්නෙ කොන්දේසි විරහිත ආදරයක්.. ඒත් අපි ??
ReplyDeleteඔව්. ඒක මේ පරිවර්තනයට වඩා ෆීල් වෙනව.
DeleteYour articles are very beutiful.
DeleteI wish you
I am Ranuka. .........
hi my name is ranuka
ReplyDeleteyour thoughts are very beutiful
Hi miss mercy
ReplyDeleteI'am your student RanukaTissera
Hi Miss mercy
ReplyDeleteI'am your student Ranuka
Your blog is very beutiful
I wish you
You are good teacher........................
thank you .
DeleteMiss Mercy my name is ranuka.
ReplyDeleteYour blog is beutiful.
i read it
Your articles are very beutiful
ReplyDeleteMy name is Ranuka
Beutiful
ReplyDelete