Showing posts with label compassion. Show all posts
Showing posts with label compassion. Show all posts

Monday, April 8, 2013

The Wishes of a Little Child








                  තුරු මවක්  කුඩා ලමයෙකුට ආදරය  කලාය. ඒ ලමයා ඇගේ තුරු පත් එක්කර කිරුලක් සදා හිසේ පලඳා රජකු මෙන් සෙල්ලම් කලේය. ඇගේ කඳ දිගේ  රූටා  ගොස්  අතු අග ඔන්චිලි පැදීමට පුරුදු වී සිටියේය.





                  ඒ මදිවාට  තුරු මුදුනේ හටගත් ගෙඩිද  කෑවේය. ඇය   ලමයා   සමග සෙල්ලම්  කලාය..සෙල්ලම් කර මහන්සි වූවිට ඇගේ හෙවනේ නිදාගැනීමටත් ඇය ඔහුට ඉඩ දුන්නාය.

කුඩා දරුවා තුරු මවට බෙහෙවින් ආදරය කලේය.තුරද බෙහෙවින් තෘප්තියට පත් වූවාය. කාලය ගතවිනි.කුඩා ලමයා ලොකු මිනිසෙක් විය.ඔහු ඇයගෙන් වෙන්වී නව අත්දැකීම් සොයා ගියේය.

                         තුරු මව තනි වූවා ය.


 බොහෝ දිනකට පසු  කුඩා ලමයා නැවත    බැලීමට පැමිනියේය.




          
                            
                   "එන්න දරුවෝ, එන්න!මගේ අතුවල  එල්ලිලා ඔන්චිලි පදින්න. මගේ ඇපල් කන්න.මගේ හෙවනේ සතුටෙන්  සෙල්ලම් කරන්න." ඈ ලමයාට ඇවිටිලි කලාය.

                     "මම දැන් ඔන්චිලි පදින්න ලොකු වැඩියි."  කුඩා දරුවා කීය."මට ඕනෙ විනෝද වෙන්න. ඒකට මට සල්ලි ඕනෙ."

                          "මට බොහොම කනගා‍ටුයි. නමුත් මට කොයින්ද සල්ලි? මට තියෙන්නෙ කොලයි ගෙඩියි විතරනෙ"
            "ඕනෙ නම්  මගෙ ගෙඩි විකුණල සල්ලි අරගන්න."



ලමයා දෙවරක් නොසිතා හනිකට ගසට නැග ගෙඩි කඩාගෙන, ඒවා විකිනීම පිනිස ටවුමට ගියේය. 


ඔහුගේ සතුට දැක ගසද සතුටට පත් වූවාය.


     ඉන්පසු බොහෝ කාලයක් ලමයා දක්නට ලැබුනේ නැත. දිනක් හදිසියේම වාගේ දරුවා නැවත පැමිනියේය. ගස ප්‍රීතියෙන් වෙව්ලා ගියාය.

"දරුවෝ! එන්න! එන්න! මගෙ අතුවල පැද්දිලා ඉස්සර වගේ විනෝද වෙන්න."
 ගස ආයාචනා කලාය.

  නමුත් දරුවාගේ පිලිතුර අනපේක්ෂිත එකක් විය.

           "මට දැන් ඕව කරකර ඉන්න කාලයක් නැ. මට දැන් හොඳ සැප පහසු ගෙයක් ඕන.  ගෙයක් නැතිව මං කොහොමද දරු පවුලක් හදා ගන්නෙ?" 


                 "පුලුවන්ද මට ගෙයක් හදල දෙන්න" ?

     ගස නිරුත්තර විය.


 "පුතා දන්නවනෙ, කැලේ තමා මගෙ නිවහන. පුතාට ඕනෙ නම් මගෙ අතු කපල ගෙයක් හදා ගන්න".

                         "පුතාට සතු‍ටුයි නේද දැන්"?




 කුඩා දරුවා අතු කපාගෙන, ගෙයක් සාදා ගැනීම පිනිස ‍රැගෙන ගියේය.


 ඔහු ගැන සිතමින් තුරු මව සතුටට පත්වූවාය.

          නැවතත් ඔහු එනතුරු කාලයක් බලා සිටීමට  සිදුවුනත්, ඔහුගේ ආගමනය ඇයට කියා නිම කල නොහැකි තරමේ 
සන්තුෂ්ටියක් ඇති කලේය.

ඇය නැවතත්  සුපුරුදු  හුරතල් වදන් තොල මැතුරුවාය.
 "මගෙ  දරුවෝ එන්න. ඇවිත් සෙල්ලම් කරන්න".


 "මම දැන් සෙල්ලම් කරන වයසක නෙමේනෙ ඉන්නෙ. ඇරත් සෙල්ලම් කරන්න තරම් මට සතුටකුත් නෑ හිතේ".


"ගෙදර ඉඳලම මට දැන් ඇති වෙලා. මට රට තොට බලාගන්න  ලෝකෙ වටේ යන්න හිතයි". ලමයා නොසතුටෙන් මිමිනීය.



               "පුලුවන් නම් මට බෝට්‍ටුවක් හොයල දෙන්න." ලමයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කලේය..



 "මගෙ කඳ කපන් ගිහින් බෝට්‍ටුවක් හදා ගන්න".

                    තුරු මාතාවගෙන් අදහසක් ඉදිරිපත් විය. දරුවා ඇගේ කඳ කපා බෝට්‍ටුවක් සාදාගෙන ලෝකය වටේ සවාරියක් ගියේය. 



      සියුම් දුකක් දැනුනත්,  ගස සිරිත් ලෙස සතුටට පත් වූවාය.
 සැහෙන නිහඬතාවයකින් පසු නැවත දරුවා පැමිනියේය.


               
                             ගස මෙසේ කතාව ඇරඹුවාය.
 "ඔයාට දෙන්න දෙයක් නැති වීම ගැන මට දුකයි.දැන් මගෙ ඇපලුත් නෑ".

  "ඇපල් කන්න මගෙ දත් හයිය නෑ". දරුවා පිලිතුරු දුන්නේය.

  "ඔයාට ඔන්චිලි පදින්න මගෙ අතුත් නෑ". ඇගේ ස්වරය ශෝකී විය.


 "ඔන්චිලි පදින්න මම පොඩි ලමයෙක් නෙවෙයිනෙ". ලමයා ගනනකට නොගෙන පැවසීය.

"මගෙ  ඇඟ දිගේ රූටන්න දැන් ඔයාට බැනෙ.මගෙ කඳ නැති නිසා".

                                  "මට දැන් ඒවා කරන්නත් හරි මහන්සියි".   ලමයාගේ ස්වරයේ පරාජිත බවක් ගැබ්වී  තිබින.


           තුර සුසුමක් හෙලා මෙසේ කීවාය.
 "මට හරි දුකයි දරුවෝ.ඔයාට දෙන්න දෙයක් තවත් මං ලඟ ඉතුරුවෙලා නෑ.
          "මම දැන් නිකම්ම නිකන් ලී කොටයක් විතරයි. මට බොහොම කනගා‍ටුයි".

                      "මටත් දැන් වැඩි යමක් ඕනෙ නෑ". "සද්ද බද්ද නැති තැනක වාඩි වෙලා ගිමන් හරින්න තිබුනොත් හොඳටෝම ඇති".   දරුවාද අපහසුවෙන් කෙඳිරීය.

                      "එහෙම නම්" තම ඇඟ කෙලින් කර ගන්නා ගමන් ගස පිලිතුරු දුන්නාය. "පරන ගස් කොටයක් තමා ඒකට හරියන්නෙම."

                  "එන්න දරුවෝ, එන්න. ඇවිත් ඉඳගෙන මහන්සි නිවා ගන්න".


             දරුවා ගස ලඟින් වාඩි වී ගිමන් හැරියේය.  

           නෙතේ කඳුලක් රඳවාගෙන, ගසද සැනසුම් සුසුමක් හෙලුවාය.







 A translation of the poem 'Giving Tree' by Shel Silverstine.











Friday, February 22, 2013

Oh, My Darling, Where's your Mummy ?


         

(http://photography.nationalgeographic.com/photography/photo-of-the-day/anhinga-bird-everglades)













Friday, February 1, 2013

Sitting in front of the River




Siting in front of the river,
his eternal look bespeaks of his creator.
In the backdrop of the rough canvas,
on a leafless bough it perches.
finding his perpetual, niche forever.


His everlasting stay.
the parlour of  my home.
Looking for whom ?
His painter in the capital city
or the one who bought him for thousand rupees ?

A thought of the brain
of a poor painter.
Sold for a few rupees 
to burn the kitchen fires.
Glory versus family!
Suitable for a headline 
in a weekend newspaper



How can I forget the look 

he gave when the bargain was done ?
Yet, will his fame give his son
a pair of tennis shoes
or tuition fees for elder one ?
At least a sustegen for his 
wife with a cancer ? 




<a href="gimannivannie.blogspot.com"</a>
<a href="http://www.gimannivannie.blogspot.com"</a>



Saturday, May 26, 2012

This is what I feel about my son





MY GRASSHOPPER in the SUMMER

He composes hip hop and R& B
"REASON" is his tool.
Too old not to do a job
winks when I reprimand him
for his in-activeness.
Society expects the children of the teachers
to be at top levels! How troublesome !

I avoid the gaze of my friends on the bus,
dreading that they will inquire about my son,
 He has a phobia
of exams of any kind:
Used to fall ill a lot
 during his term tests.
His favorite doctor looks at me
with a question mark in his eyes:
indicating that
It is rather psychological than physical.
I,    
With a broken heart,
Return home with medication.
 Yet:When his aththa fell ill
He spent a whole week in hospital
looking after him like a baby.
He was the friend of
all the old men in that ward
fetching them all they need.
A cup of tea from the canteen:
a packet of Cream Crackers
 from the nearby  boutique:
Calls to their sons and daughters   (Though I suffered)

Takes his own time to complete the degree
doing everything he can to postpone the exams.
I , wait  helplessly
thinking what I can do to change the situation!
But Whatever you do,
 I love you!
The GRASSHOPPER of mine!



P.S.

(Luckily for me the situation has changed. He is doing a job now while continuing his studies.)