Monday, April 8, 2013

The Wishes of a Little Child








                  තුරු මවක්  කුඩා ලමයෙකුට ආදරය  කලාය. ඒ ලමයා ඇගේ තුරු පත් එක්කර කිරුලක් සදා හිසේ පලඳා රජකු මෙන් සෙල්ලම් කලේය. ඇගේ කඳ දිගේ  රූටා  ගොස්  අතු අග ඔන්චිලි පැදීමට පුරුදු වී සිටියේය.





                  ඒ මදිවාට  තුරු මුදුනේ හටගත් ගෙඩිද  කෑවේය. ඇය   ලමයා   සමග සෙල්ලම්  කලාය..සෙල්ලම් කර මහන්සි වූවිට ඇගේ හෙවනේ නිදාගැනීමටත් ඇය ඔහුට ඉඩ දුන්නාය.

කුඩා දරුවා තුරු මවට බෙහෙවින් ආදරය කලේය.තුරද බෙහෙවින් තෘප්තියට පත් වූවාය. කාලය ගතවිනි.කුඩා ලමයා ලොකු මිනිසෙක් විය.ඔහු ඇයගෙන් වෙන්වී නව අත්දැකීම් සොයා ගියේය.

                         තුරු මව තනි වූවා ය.


 බොහෝ දිනකට පසු  කුඩා ලමයා නැවත    බැලීමට පැමිනියේය.




          
                            
                   "එන්න දරුවෝ, එන්න!මගේ අතුවල  එල්ලිලා ඔන්චිලි පදින්න. මගේ ඇපල් කන්න.මගේ හෙවනේ සතුටෙන්  සෙල්ලම් කරන්න." ඈ ලමයාට ඇවිටිලි කලාය.

                     "මම දැන් ඔන්චිලි පදින්න ලොකු වැඩියි."  කුඩා දරුවා කීය."මට ඕනෙ විනෝද වෙන්න. ඒකට මට සල්ලි ඕනෙ."

                          "මට බොහොම කනගා‍ටුයි. නමුත් මට කොයින්ද සල්ලි? මට තියෙන්නෙ කොලයි ගෙඩියි විතරනෙ"
            "ඕනෙ නම්  මගෙ ගෙඩි විකුණල සල්ලි අරගන්න."



ලමයා දෙවරක් නොසිතා හනිකට ගසට නැග ගෙඩි කඩාගෙන, ඒවා විකිනීම පිනිස ටවුමට ගියේය. 


ඔහුගේ සතුට දැක ගසද සතුටට පත් වූවාය.


     ඉන්පසු බොහෝ කාලයක් ලමයා දක්නට ලැබුනේ නැත. දිනක් හදිසියේම වාගේ දරුවා නැවත පැමිනියේය. ගස ප්‍රීතියෙන් වෙව්ලා ගියාය.

"දරුවෝ! එන්න! එන්න! මගෙ අතුවල පැද්දිලා ඉස්සර වගේ විනෝද වෙන්න."
 ගස ආයාචනා කලාය.

  නමුත් දරුවාගේ පිලිතුර අනපේක්ෂිත එකක් විය.

           "මට දැන් ඕව කරකර ඉන්න කාලයක් නැ. මට දැන් හොඳ සැප පහසු ගෙයක් ඕන.  ගෙයක් නැතිව මං කොහොමද දරු පවුලක් හදා ගන්නෙ?" 


                 "පුලුවන්ද මට ගෙයක් හදල දෙන්න" ?

     ගස නිරුත්තර විය.


 "පුතා දන්නවනෙ, කැලේ තමා මගෙ නිවහන. පුතාට ඕනෙ නම් මගෙ අතු කපල ගෙයක් හදා ගන්න".

                         "පුතාට සතු‍ටුයි නේද දැන්"?




 කුඩා දරුවා අතු කපාගෙන, ගෙයක් සාදා ගැනීම පිනිස ‍රැගෙන ගියේය.


 ඔහු ගැන සිතමින් තුරු මව සතුටට පත්වූවාය.

          නැවතත් ඔහු එනතුරු කාලයක් බලා සිටීමට  සිදුවුනත්, ඔහුගේ ආගමනය ඇයට කියා නිම කල නොහැකි තරමේ 
සන්තුෂ්ටියක් ඇති කලේය.

ඇය නැවතත්  සුපුරුදු  හුරතල් වදන් තොල මැතුරුවාය.
 "මගෙ  දරුවෝ එන්න. ඇවිත් සෙල්ලම් කරන්න".


 "මම දැන් සෙල්ලම් කරන වයසක නෙමේනෙ ඉන්නෙ. ඇරත් සෙල්ලම් කරන්න තරම් මට සතුටකුත් නෑ හිතේ".


"ගෙදර ඉඳලම මට දැන් ඇති වෙලා. මට රට තොට බලාගන්න  ලෝකෙ වටේ යන්න හිතයි". ලමයා නොසතුටෙන් මිමිනීය.



               "පුලුවන් නම් මට බෝට්‍ටුවක් හොයල දෙන්න." ලමයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කලේය..



 "මගෙ කඳ කපන් ගිහින් බෝට්‍ටුවක් හදා ගන්න".

                    තුරු මාතාවගෙන් අදහසක් ඉදිරිපත් විය. දරුවා ඇගේ කඳ කපා බෝට්‍ටුවක් සාදාගෙන ලෝකය වටේ සවාරියක් ගියේය. 



      සියුම් දුකක් දැනුනත්,  ගස සිරිත් ලෙස සතුටට පත් වූවාය.
 සැහෙන නිහඬතාවයකින් පසු නැවත දරුවා පැමිනියේය.


               
                             ගස මෙසේ කතාව ඇරඹුවාය.
 "ඔයාට දෙන්න දෙයක් නැති වීම ගැන මට දුකයි.දැන් මගෙ ඇපලුත් නෑ".

  "ඇපල් කන්න මගෙ දත් හයිය නෑ". දරුවා පිලිතුරු දුන්නේය.

  "ඔයාට ඔන්චිලි පදින්න මගෙ අතුත් නෑ". ඇගේ ස්වරය ශෝකී විය.


 "ඔන්චිලි පදින්න මම පොඩි ලමයෙක් නෙවෙයිනෙ". ලමයා ගනනකට නොගෙන පැවසීය.

"මගෙ  ඇඟ දිගේ රූටන්න දැන් ඔයාට බැනෙ.මගෙ කඳ නැති නිසා".

                                  "මට දැන් ඒවා කරන්නත් හරි මහන්සියි".   ලමයාගේ ස්වරයේ පරාජිත බවක් ගැබ්වී  තිබින.


           තුර සුසුමක් හෙලා මෙසේ කීවාය.
 "මට හරි දුකයි දරුවෝ.ඔයාට දෙන්න දෙයක් තවත් මං ලඟ ඉතුරුවෙලා නෑ.
          "මම දැන් නිකම්ම නිකන් ලී කොටයක් විතරයි. මට බොහොම කනගා‍ටුයි".

                      "මටත් දැන් වැඩි යමක් ඕනෙ නෑ". "සද්ද බද්ද නැති තැනක වාඩි වෙලා ගිමන් හරින්න තිබුනොත් හොඳටෝම ඇති".   දරුවාද අපහසුවෙන් කෙඳිරීය.

                      "එහෙම නම්" තම ඇඟ කෙලින් කර ගන්නා ගමන් ගස පිලිතුරු දුන්නාය. "පරන ගස් කොටයක් තමා ඒකට හරියන්නෙම."

                  "එන්න දරුවෝ, එන්න. ඇවිත් ඉඳගෙන මහන්සි නිවා ගන්න".


             දරුවා ගස ලඟින් වාඩි වී ගිමන් හැරියේය.  

           නෙතේ කඳුලක් රඳවාගෙන, ගසද සැනසුම් සුසුමක් හෙලුවාය.







 A translation of the poem 'Giving Tree' by Shel Silverstine.











36 comments:

  1. ඔය ඇපල් ගහක් හන්දයි ගේ හදන්න ගහ කුට්ටි නොකලේ. ඕක ලංකාවෙ තිබිච්ච කොස් ගහක් වුනා නම් බෝට්‍ටු හදන්න කඳ ඉතුරු වෙන්නෙවත් ඔය මනුස්සයා වයසට යනකල් කොටේ තියෙන්නෙවත් නෑ.
    :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා. හැමදාම පලවෙනියා නේද?

      Delete
    2. මේක දාලා තියෙන්නෙ වැරදි බ්ලොග් එකේ නෙවෙයිද? මේක දොළපාරට යන්න ඕනෙ එකක් නේද?

      Delete
    3. එහෙම තමා මුලින් හිතුවෙ. නමුත් මේකට දන්න හිටපු පෝස්ට් එකට චිත්‍රයක් ඇඳල දෙන්නම් කිව කෙනා තාම දුන්නෙ නෑ එයාට වැඩවැඩි නිසා.කමෙන්ට්ස් කීපයක් ලැබුනා පෝස්ට් පරක්කුයි කියලා. ඒකයි මේක දැම්මෙ.

      Delete
  2. මට හිතෙන්නෙ මේකතාව http://www.youtube.com/watch?feature=player_embedded&v=AD8LiNQi_vs

    ReplyDelete
    Replies
    1. මේ කතාව හැම භාෂාවකින්ම වගේ පරිවර්තනය වුනු හරිම ජනප්‍රිය පොයම් එකක්. මටත් මේ කවිය කියෙව්වම මගෙ බ්ලොග් එකේ දාන්න ලොකු ආශාවක් ආව. මමත් දැක්ක පින්තුරු හොයද්දි මේක යු ටිඋබ් එකේ තියෙනව.

      ඔන්න, ඔබේ අදහස ක්‍රියාත්මක කරල බැලුව.

      Delete
  3. කලිනුත් මේ කතාව කියවලා තියෙනවා. ආයෙම කියෙව්වා. :)

    ReplyDelete
    Replies
    1. ඉන්ගිරිසි පොතද කියෙව්වෙ? මම ට්‍රාන්ස්ලේට් කෙරුවෙ කෙලින්ම ඉන්ග්ලිෂ් පොයම් එකෙන්. හැම තැනම බ්ලොග්වල තියෙනව දැක හියෙනව. ඒත් මටත් මේක නොදන්න අය එක්ක බෙදා ගන්න ඕන වුනා.

      Delete
  4. අප්පට සිරි.... මෙන්න අද මැඩම් සිංහලෙන් ලියලා. හැබැයි කතාවනම් බොහොම සංවේදීව ලියල තියෙනවා මීට කලින් මේ කතාවේ ඉංග්‍රීසි වර්ෂන් එක අහල තිබුනට සිංහල එක වඩාත් සංවේදියි කියලයි මට හිතෙන්නේ. ඉඩ පාඩු තියෙන වෙලාවට මේ වගේ ලිපි ලියන්න කියල මම මැඩම්ට ආරාධනා කරනවා. මොකද ලිපි අතර කාල පරාසය බොහොම වැඩියි.

    ReplyDelete
  5. හරිම සංවේදියි සටහන. හරියට අපේ ජිවිත වාගෙ. ගිමන් නිවන්න කාලයක් එනව අපටත්. ඒත් අපිට උදව් කරපු අය අමතක කරන එක හොඳ දෙයක් නෙවෙයි නේද? අපිට ගහ කොල දෙන සතුට සැනසුම නම් කියල නිම කරන්න බැහැ. බොහොම ස්තූතියි! සටහනට.

    ReplyDelete

  6. කොරලෙ මහත්තයා - කනගා‍ටුයි ලිපියක් දාන්න පරක්කු වුනාට.දාන්න හිතාගෙන හිටපු පෝස්ට් එක චිත්‍රයක් අන්ඳෝගන්න තාම බැරි වුනා.සිංහල එකක් දාන්න හේතුව ඒකයි. මගේ අලුත් සින්හල බ්ලොග් එකේ ලින්ක් එකක් දැම්මා ඔයාගෙ පෝස්ට් එකක. දැක්කෙ නැද්ද?

    http://gimannivannie.blogspot.com/

    Chandi-

    ස්තූතියි කමෙන්ට් එකට. මේ කවිය ගහ කොල අපට දෙන දේ ගැනත් කියනවා. දෙමාපියො දරුවන්ට සලකන හැටි ගැනත් කතා වෙනවා. තේරුම් ගොඩක් ගන්න පුලුවන් නේද?

    ReplyDelete
  7. අම්මලත් ගහක් වගේ තමා...

    ReplyDelete
  8. ඔව් නේද? දරුවන්ට සලකන්නෙ ප්‍රතිලාභයක් බලාගෙන නෙමේ. දරුවො මොනව කලත් ආදරේ අඩු වෙන්නෙත් නැනෙ.

    ReplyDelete
  9. ඔබටත් එසේම වේවා.

    ReplyDelete
  10. සියල්ලම කැප කොට...

    මේක මං කියවල තිබුනේ නෑ. මං කියවගෙන එද්දී හිතුවේ ගේ හදන්න ඕන කියන තැනදී ගහ කපයි කියල.

    ස්තුතියි මේක බෙදා ගත්තට.

    සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  11. ඔබටත් එසේම වේවා.

    ReplyDelete
  12. හරිම ආසවෙන් කියෙව්වේ හරිම අපුරුයි ජයෙන් ජය...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට.නැවත එන්න.

      Delete
  13. giving tree මා ඉතාමත් ප්‍රිය කරනු ලැබූ කතාවක්. ඔබ ඒක කියවීමට ප්‍රිය උපදවන චම්ත්කාරජනක ඉරියව්වකින් ලියා තිබෙනවා.

    සුබ අලුත් අවුරුද්දක් වේවා,

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තූතියි. සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට. කියන්න බැරි තරම් ලස්සනයි නේද පොයම් එක.

      Delete
  14. සුභ අළුත් අවුරුද්දක් වේවා!ඔබත් පවුලේ සැමටත්

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා.මොකද නම වෙනස් කරලා.

      Delete
  15. මනුස්ස වර්ගයා කිසි දවසක සෑහීමකට පත් වෙන්නේ නෑ. ගස ඒ අතින් තමන් සතු සියල්ල දෙනවා... හරිම අර්ථවත් කතාවක් ස්තූතියි

    ReplyDelete
  16. බ්ලොග් එකට ආදරෙන් පිලිගන්නවා. මිනිස්සු හරි ආත්මාර්තකාමියි. ගස් ඒකෙ අනිත් පැත්ත නේ.

    ReplyDelete
  17. Saw its English version in an email forwarding some time back. Truly an eye opener for all, not just about trees but also about everything else that we usually take for granted, and do not realize their value until the end.

    You've nicely translated it Lotus. :)

    ReplyDelete
  18. Thank u very much for your comment. I read the original poem in The Net and I was fascinated by the story and also I had an idea to translate beautiful stories I have read so far. I have already translated one short story so far and do you believe! it took me nearly one year to complete it but, I was unable to post it in my blog, yet.So before I get discouraged, I translated and posted this poem quickly in my blog.

    ReplyDelete
  19. මං මේකෙ වීඩියෝ එක you tube එකේ දැක්ක.. ලස්සනට පරිවර්තනය කරල තියෙනවා.. සොබාදහම අපිට කරන්නෙ කොන්දේසි විරහිත ආදරයක්.. ඒත් අපි ??

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක මේ පරිවර්තනයට වඩා ෆීල් වෙනව.

      Delete
    2. Your articles are very beutiful.
      I wish you
      I am Ranuka. .........


      Delete
  20. hi my name is ranuka
    your thoughts are very beutiful

    ReplyDelete
  21. Hi miss mercy
    I'am your student RanukaTissera

    ReplyDelete
  22. Hi Miss mercy
    I'am your student Ranuka
    Your blog is very beutiful
    I wish you
    You are good teacher........................

    ReplyDelete
  23. Miss Mercy my name is ranuka.
    Your blog is beutiful.
    i read it

    ReplyDelete
  24. Your articles are very beutiful
    My name is Ranuka

    ReplyDelete

Thank you for dropping by.Make sure I see you.